Ravana – The Greatest Emperor of Asia
۞۩– The greatest нєℓα king of Lankapura (Sri Lanka) –۩۞

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ


යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ. readmore1